හෙල්මට්වලින් පහරදී එක්දරු පියා මරාදාලා


(සුමිත් පොතුපිටිය)

මාර්ගයේ ගමන් කිරීමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් අද රාත්‍රි  තරුණ පිරිසක්  හෙල්මට් වලින් පහරදීමෙන්  එක්දරු පියෙකු ඝාතනයට ලක්ව ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න  ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී රංග විරාජ් නැමැති 34 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය කිය.

වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී අවුරුදු  16  වයසේ පසුවන තරුණයින් කිහිප දෙනකු සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් හෙල්මට් වලින් පහරදී ඇතැයි සදහන් වේ.

පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබාසිටී  පුද්ගලයා අලුත්ගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල් ගතකිරීමේදී මියගොස් ඇතැයි පැවසේ.

ඝාතනය සම්බන්ධයෙන් තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් අනෙක් සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔවුන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.

සැකකරුවන් ගමන් කළ යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන් වේ.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද  කැදවීමට කටයුතු කරන බව පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.

ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස සහ සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සිල්වා  මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.